කේන්දර ගැළපීමේ ආරම්භය
ශ්‍රී ලාංකික විවාහ සම්ප්‍රදායේ කේන්දර ගැළපීම යනු දෙදෙනාගේ උපන් දත්ත මත සකස් කරන ජ්‍යොතිෂ තොරතුරු සසඳා බැලීමකි. WIWAHA LK හි ඒ සඳහා නිවැරදි උපන් දිනය, පැය සහ මිනිත්තුව සහ උපන් නගරය අවශ්‍ය වේ. පදිංචි නගරය නොව සැබෑ උපන් ස්ථානය තෝරාගත යුතුය.
පද්ධතිය ගණනය කරන දේ
ඇතුළත් කළ දත්ත සහ උපන් නගරයට අදාළ ඛණ්ඩාංක භාවිත කර නකත, ලග්නය සහ චන්ද්‍ර රාශියට අදාළ මූලික දත්ත සකස් කරයි. දෙදෙනාම සඳහා භාවිත කළ හැකි දත්ත තිබේ නම් පොරොන්දම් 20 සසඳා ප්‍රතිශතයක් ලබාදෙයි.
ප්‍රතිශතය ගැළපීම් ලකුණට යන ආකාරය
කේන්දර ප්‍රතිඵලයක් තිබේ නම් එය අවසාන ලකුණු 100 තුළ උපරිම ලකුණු 20කට පරිවර්තනය වේ. උදාහරණයක් ලෙස පොරොන්දම් 75% නම් කේන්දර කොටසට ලකුණු 15ක් ලැබේ. මෙය ලකුණු 100ට අමතර bonus එකක් නොවේ. දෙදෙනාම කේන්දරය ඉල්ලා නැති විට ඉතිරි ලකුණු 80 අවසාන ප්‍රතිශතය 100කට සාමාන්‍යකරණය කෙරේ.
නිවැරදි උපන් වේලාව වැදගත් වන්නේ ඇයි?
අනුමාන වේලාවක් ලග්නය සහ භාව පිහිටීම් වෙනස් කළ හැක. උප්පැන්න සහතිකය හෝ පවුලේ විශ්වාසදායක සටහනක් පරීක්ෂා කරන්න. වේලාව තහවුරු කළ නොහැකි නම් කේන්දරය “අනිවාර්යයි” ලෙස තෝරාගැනීමට පෙර ඒ සීමාව සලකා බලන්න.
මෙය සම්පූර්ණ කේන්දර විග්‍රහයක් නොවේ
පොරොන්දම් ප්‍රතිශතය කුජ 7, ශනි 7, දශා, නවාංශය, ග්‍රහ දෘෂ්ටි හෝ දෝෂ භංග සියල්ල විග්‍රහ කරන්නේ නැත. ජ්‍යොතිෂය ඔබේ අවසන් තීරණයට ප්‍රධාන නම් සුදුසුකම්ලත් ජ්‍යොතිෂවේදියෙකුගෙන් දෙදෙනාගේම සම්පූර්ණ කේන්දර එකම ක්‍රමයකින් පරීක්ෂා කරගන්න.